නාමල්ට එරෙහිව ජනාධිපති කාර්යාලයෙන් සී.අයි.ඩී යට පැමීණිල්ලක්..

නාමල්ට එරෙහිව ජනාධිපති කාර්යාලයෙන් සී.අයි.ඩී යට පැමීණිල්ලක්..

දූෂණ විරෝධී බලකාය නම් සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා ජනාධිපති කාර්යාලයේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතුවල යෙදී ඇතිදැයි සෙවීමට ජනාධිපති කාර්යාලය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිලි කළ බවත් මොහු ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබන සේවකයෙකු නොවන බවද නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.
නාමල් කුමාර නමැත්තා ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ සේවය කරන්නෙකු බවට මාධ්‍ය වාර්තා පළවී තිබුණී.
මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනට දිවයින පුරා විසිදහසකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී සිටින බවත් ,වරකපොළ පදිංචි නාමල් කුමාර නමැත්තාද ස්ව කැමැත්තෙන් මෙම වැඩසටහනට සම්බන්ධවූවෙකු මිස ජනාධිපති කාර්ය සාධන බලකායේ ස්ථීරවම සේවය කරන්නෙකු නොවන බවද ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.