UN ESCAP සමුළුවේ උප සභාපති ධූරය ශ්‍රී ලංකාවට හිමිවෙයි…
එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් අභ්‍යවකාශ තාක්ෂණ පිළිබඳ තුන්වන අමාත්‍ය සමුළුවේ (UN ESCAP) උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමි විය.
ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ විද්‍යා , තාක්ෂණ , පර්යේෂණ , නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා හටයි.
“ආසියානු පැසිෆික් කලාපයේ රටවල තිරසර සංවර්ධනය උදෙසා අභ්‍යවකාශ තාක්ෂණ භාවිතාව” යන්න මෙවර සමුළුවේ තේමාවයි.