FAST NEWS

24×7 Around the Globe

UN ESCAP සමුළුවේ උප සභාපති ධූරය ශ්‍රී ලංකාවට හිමිවෙයි…

එක්සත් ජාතීන්ගේ ආසියානු පැසිෆික් අභ්‍යවකාශ තාක්ෂණ පිළිබඳ තුන්වන අමාත්‍ය සමුළුවේ (UN ESCAP) උප සභාපති ධුරය ශ්‍රී ලංකාවට හිමි විය.
ඒ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට සහභාගි වූ විද්‍යා , තාක්ෂණ , පර්යේෂණ , නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා හටයි.
“ආසියානු පැසිෆික් කලාපයේ රටවල තිරසර සංවර්ධනය උදෙසා අභ්‍යවකාශ තාක්ෂණ භාවිතාව” යන්න මෙවර සමුළුවේ තේමාවයි.