FAST NEWS

24×7 Around the Globe

ජනපතිගේ අගවිනිසුරු යෝජනාවට අනුමැතිය හිමී වෙයි..

නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව 2016 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස පත්වු නලීන් පෙරේරා මහතා නව අගවිනිසුරු ලෙස දිව්රුම් දෙනු ඇත.
නලීන් පෙරේරා මහතා මහේස්ත්‍රාත් අධිකරණයේ සිට අධිකරණ ධූරාවලියේ ඉහළට පැමිණ ඇති අයෙක්ද වෙයි.
වත්මන් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) සිය ධුරයෙන් විශ්‍රාම ගැනිමට නියමිතයි.