FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපති මහින්දගෙන් මාධ්‍යයට නිවේදනයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබේ. එකී නිවේදනය පහත පරිදිය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් නොයෙකුත් අභියෝග මධ්‍යයේ ලැබූ මෙම ප‍්‍රතිඵලය මම නිහතමානීව පිළිගනිමි.

මෙම මැතිවරණයේදී අප සන්ධානයට ඡන්දය දුන් සියලූම ආදරණීය ඡන්ද දායකයින්ටත්, ඡන්ද ව්‍යාපාරයේ දිවා රෑ නොබලා වෙහෙසුණු අපේ පාක්‍ෂිකයන්ටත් මගේ හෘදයාංගම ස්තූතිය පුදකරමි.

මේ ලැබූ ජනවරමට අනුකූලව මම දේශපාලනයේ දිගටම නිරත වන බවත්, පාර්ලිමේන්තුවේ අසුන්ගෙන මා මෙතෙක් රට ජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවත් මේ අවස්ථාවේදී ප‍්‍රකාශකර සිටීමට කැමැත්තෙමි.

 

xcxcxc