FAST NEWS

24×7 Around the Globe

ලුණුගම්වෙහෙර බස් අනතුරකින් 50 කට පමණ තුවාල..

හම්බන්තොට, ලුණුගම්වෙහෙර නගරය ආසන්නයේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරක් හේතුවෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අම්පාර – මාතර පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් සහ දෙහිඅත්තකන්ඩිය – ගාල්ල ලංගම බස් රථයක් බව පැවසේ.