FAST NEWS

24×7 Around the Globe

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් අභියාචනාව සලකා බැලිම 19 වැනිදා..

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත්කර තිබෙන අභියාචනා සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන මෙන් දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල අද (12) තීරණය කළේය.
මෙම නඩුවට අදාළ සියලු ලේඛන අභියාචනාධිකරණය වෙත ලැබී තිබේ ද යන්න එදින සොයා බලා වාර්තා කරන මෙන් පෙත්සම්කාර පාර්ශවයට නියම කෙරුණි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගොනු කළ නඩුවකට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන විත්තිකරුවන් ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ලැබුහ.
මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර ඇති ආකාරය නීතිවිරෝධී යැයි පෙන්වා දෙන ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන විත්තිකරුවන් එම දඬුවම් ඉවත්කොට තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් සිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.