FAST NEWS

24×7 Around the Globe

කාන්තාවන් තිදෙනෙකු පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි…

නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කෑගල්ල කරඩුපාන ප්‍රදේශයේ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරියන් වයස අවුරුදු 20 24 සහ 49 වයස්වල පසුවන කෑගල්ල , කඩවත සහ ජා ඇල ප්‍රදේශවල පදිංචිකාරිනියන් වන බව පොලීසිය සදහන් කරයි.
මෙම සැකකාරියන් සමග නීතිවිරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 3150 ක් ඇතුලු උපකරණ කිහිපයක් ද භාරයට ගෙන තිබෙන ඔවුන් අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.