FAST NEWS

24×7 Around the Globe

රනිල් – ම‍ෝදි හමුවක්..

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේදි සිදු ඉන්දීය සංචාරයක් සිදු කිරිමට නියමීත බවත්, එහිදි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හා අග්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක් නවදිල්ලී නුවරදි සිදුවිමට නියමීත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේදීත් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ලබන වසරේදි ත් පැවැත්වීමට නියමිතව ඇති පසුබිමක් යටතේ ශ්‍රී ලංකා ඉන්දියා අග්‍රාමාත්‍ය හමුව අතිශය තීරණාත්මක වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.