FAST NEWS

24×7 Around the Globe

අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරිම අද (12) – ජනපතිත් නාම යෝජනාවක් දෙයි..

වර්තමාන අග්‍රවිනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් මහතා අද (12) විශ්‍රාම යෑමට නියමිත බැවින් නව අග්‍රවිනිශ්චයකාරවරයා පත් කිරීම, අද පැවැත්වෙන ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීමේදී සිදුකරන බව කථානායක කාර්යාලය පවසයි.
ඒ අනුව ව්‍යවස්ථාදායක සභාව අද (12) දහවල් 12.00 ට ව්‍යවස්ථාදායක සභාව රැස් වී අග්‍රවිනිශ්චයකාර තනතුර සඳහා ඉදිරිපත් වී ඇති නම් අතරින් සුදුසු අයකු තෝරන බවත් කථානායක කාර්යාලය පවසයි.
අග්‍රවිනිශ්චයකාර ධුරයට නලින් පෙරේරා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බවද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ 45 වැනි අග්‍රවිනිශ්චයකාරවරයා ලෙස මෙලෙස ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති නලින් පෙරේරා මහතා මහේස්ත්‍රාත්වරයෙක් ලෙස අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වී ක්‍රමානුකූලව උසස්වීම් ලැබ මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරයි.