FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමියන්ට ජනපති සමාව ඉල්ලා සංදේශයක් භාර දෙයි..

අධිකරණය අපහාස කිරිමේ චෝදනාවට වරදකරුව වසර 06 ක සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ඉල්ලා ,බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා වෙත සංදේශයක් භාරදුන් බව බොදුබල සේනාවේ ජාතික සංවිධායක විහාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බවද උන්වහන්සේ කීහ.