ශ්‍රේෂ්ඨාධිකරණය දුමීන්ද සිල්වා ඇතුළු තිදෙනෙකුගේ මරණ දඩුවම තහවුරු කරයි..(update)

ශ්‍රේෂ්ඨාධිකරණය දුමීන්ද සිල්වා ඇතුළු තිදෙනෙකුගේ මරණ දඩුවම තහවුරු කරයි..(update)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීමේ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය නියම කොට තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළහ.
කෙසේ වෙතත්ම මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට පැනවූ මරණ දඬුවම පමණක් ඉවත් කර ඔහු මුදා හැරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් ,බුවනෙක අළුවිහාරේ ,නලින් පෙරේරා , ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
+++++++++++++(update)
දුමීන්ද සිල්වා ඇතුළු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන එති..
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් මරණ දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා ඇතුළු පිරිස මීට සුළු මොහොතට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබූහ.
මෙම දඩුවමට එරෙහිව දුමින්ද සිල්වා මහතා ඇතුළු සැකකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් යොමු කළ අතර එහි තීන්දුව අද (11) සවස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.