FAST NEWS

24×7 Around the Globe

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ කිරිමට නොහැකියි..

අදියර තුනක්‌ යටතේ ඉදිකිරීමට සැලසුම් කර ඇති කිලෝ මීටර් 73.9 ක දුරකින් යුත් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ,මුදල් නොමැති වීම නිසා ආරම්භ කිරීමට නොහැකිව අතරමග නවතා දමා ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.
මෙහි පළමු අදියර කහතුඩුවේ සිට ඉංගිරිය දක්‌වා ඉදි කෙරෙන අතර එහි මුළු දුර කිලෝ මීටර් 26.3 ක් වන අතර දෙවන අදියර ඉංගිරියේ සිට රත්නපුර දක්වා කිලෝ මීටර් 26.2 ක දුරකි.
තුන්වන අදියර රත්නපුරේ සිට පැල්මඩුල්ල දක්‌වා ඉදිකෙරෙන අතර එහි දුර කිලෝ මීටර් 21.4 කි.
ප්‍රධාන මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ කොළඹ සහ රත්නපුර නගර එකට යා කිරීමයි.
මේම වසරේ (2018) අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය සැලසුම් කළ ද එය මෙතෙක්‌ ආරම්භ කිරීමට නොහැකි වී ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි