ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට…

ත්‍රිරෝද රථ ගාස්තුව ඉහළට…

ඉන්ධන මිල සංශෝධනයෙන් පෙට්‍රල් මිල ඉහළ යාමට සාපෙක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව හෙට (12) සිට ඉහළ දමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.
මේ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරන බවද හෙතෙම පැවසීය.
මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60 ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව සභාපතිවරයා පැවැසීය.
සෙසු ප්‍රදේශ සඳහා අයකරන මුදල පසුව ප්‍රකාශ කරන බවද එ මහතා වැඩි දුරටත් පැවසීය.