FAST NEWS

24×7 Around the Globe

ඉන්දියානු සාගර සමුළුව අද අරලියගහ මන්දිරයේදී ඇරඹෙයි..

ඉන්දියානු සාගර සමුළුව අද (11) අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව ඇත.
මෙම සමුළුවේ අරමුණ වන්නේ ඉන්දියානු සාගර ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගර විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු අභිලාශ හා ගැටළුවලට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමයි.
“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන තේමාව යටතේ මෙම සමුළුව අද (11) සහ හෙට (12) පැවැත්වීමට නියමිතයි.
ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලබයි.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සාගරය පිළිබඳ විශේෂ නියෝජිත, තානාපති පීටර් තොම්සන් මහතා ද සමාරම්භක සැසිවාරය ඇමතීමට නියමිතයි.