FAST NEWS

24×7 Around the Globe

මහාචාර්ය රාජ් සෝමදේවගේ මහතාගේ කැණීම් බලපත්‍රය අත්හිටුවයි…

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ මහතාගේ කැණීම් බලපත්‍රය අත්හිටුවීමට තීරණය කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
මෙම තීරණය ගෙන ඇත්තේ කැණීම් පිළිබඳ වාර්තාවන් සහ සොයාගත් පෞරාණික භාණ්ඩ ලබානොදීම හේතුවෙනුයි.
2010 වසරේ සිට 2017 වසර දක්වා කාලය තුළ මහාචාර්යවරයාට කැණිම් බලපත්‍ර 19ක් ලබා දී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉල්ලීමට අනුව අදාළ වාර්තා සහ උපකරණ නිසි පරිදි ලබාදුන් බව මහාචාර්යවරයා ප්‍රකාශ කර ඇත.
පසුගිය කාලය තුළ පුරාවිද්‍යා කැණීම් සම්බන්ධයෙන් නිරත වුණු මහාචාර්ය රාජ් සෝමදේව ස්කැන්ඩිනේවියානු විශ්වවිද්‍යාලයක පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිධාරයෙක් වෙයි.
කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස ඔහු වසර ගණනාවක සිට සේවයේ නරත වෙයි.