FAST NEWS

24×7 Around the Globe

අද (10) මධ්‍යම රාත්‍රි සිට ඉන්ධන මීල යළි ඉහලට..

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි ඉහළ දැමීමට රජය තීරණය කර  ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 06 කින්ද , ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 08 කින් වැඩි කර තිබේ.
එසේම සමාන්‍ය ඩීසල් මිල වැඩි කර නොමැති අතර සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 08 කින් වැඩි කර තිබේ.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මීන් පෙර පැවතියේ රුපියල් 149 කට වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 161 කට අලෙවි කෙරුණි.
සුපර් ඩීසල් ලීටරයක් මීට පෙරර අලෙවි වුයේ රුපියල් 133 කටය.
ලෝක වෙළෙඳපලේ බොරතෙල් මිලෙහි සිදුවන වෙනස්කම් අනුව මෙරට ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මිල සුත්‍රය හඳුන්වා දුන්නේය.