FAST NEWS

24×7 Around the Globe

විදුලි බිල කිසිඳු අකාරයකින් ඉහළ දමන්නේ නෑ – නි.ඇමති අජීත්

මේ වනවිට විදුලි ඒකකයක් පාඩු ලබමින් ජනතාවට ලබා දුන්නත් විදුලි බිල කිසි ආකාරයකින් ඉහළ නොදමන බව, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා අද (10) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
ඉන්ධන මිල ඉහළ ගියත් විදුලි බිල එලෙසම පවත්වාගෙන ආ බවත් ඉදිරි අයවැයෙන් පවා විදුලි බිල ඉහළ දැමීමක් සිදු නොවන බවද ,ගෙවී ගිය වසර තුනහමාරක කාලය තුළ ගාස්තු සංශෝධනයක් සිදු නොවූ පාරිභෝගික සේවාව විදුලි සේවාව බවත් එ මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී තිබෙන්නේ පාඩු ලබමින් ජනතාවට සහන මිලට විදුලිය ලබාදීම බවත් මේ නිසා රුපියල් 20 යි ශත 20ක් වියදම් වන විදුලි ඒකකයක් පොදුවේ අලෙවි කරන ලබන්නේ රුපියල් 16 ක මුදලකට බවද හෙතෙම පෙන්වා දුන්නේය.