FAST NEWS

24×7 Around the Globe

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන්…

වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වන අතර ඒ අනුව එහි පාලනය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇත.
වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ මේ වන විට පළාත් සභා 05 ක නිල කාලය අවසන් වී තිබේ.
මේ මස 25 වනදා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වන අතර ලබන වසරේ අප්‍රේල් මස 10 වනදා දකුණු පළාත් සභාවේත්, 21 වනදා බස්නාහිර පළාත් සභාවේත් , සැප්තැම්බර් මස 08 වනදා ඌව පළාත් සභාවේත් නිල කාලය අවසන් වීමට නියමිතයි.
මේ අතර පළාත් සභා සීමානීර්ණ සමාලෝචන කමිටු වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.