FAST NEWS

24×7 Around the Globe

පිදුරංගල සිද්ධියට අදාළ තරුණයින්ට නිදහස් කෙරේ..

පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණයින් තිදෙනා නිදහස් කිරිමට දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
සිද්ධියේ පළමු විත්තිකරු වූ පාසල් සිසුවාට දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණු අතර සෙසු විත්තිකරුවන් දෙදෙනාට රුපියල් 1500 බැගින් වූ රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර අවවාද කිරීමෙන් අනතුරුව නිදහස් කෙරුණි.
පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් පසුගිය 26 වැනිදා මොවුන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.