FAST NEWS

24×7 Around the Globe

පිපිරීමකට සැකපිට ශ්‍රී ලාංකිකයෙක් දකුණු කොරියාවේදී අත්අඩංගුවට…

දකුණු කොරියාවේ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩාවක සිදුවූ පිපිරීමක් සම්බන්ධයෙන් සැකපිට ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා සදහන් කරයි.
27 හැවිරිදි අයෙකු වන අදාළ ලාංකිකයා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිට ඇති අතර මොහුව අත්අඩංගුවට පත්ව ඇත්තේ ඊයේ (08) දිනයේදීයි.
පසුගිය ඉරිදා අදාළ තෙල් ගබඩා සංකීර්ණයේ තිබූ ටැංකියක් පුපුරා යාමෙන් එහි ඉන්ධන ලීටර් මිලියන 03 කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී තිබුණි.
එරට ආරක්ෂක අංශ සදහන්කර සිටින්නේ ඔහු විසින් යැවූ අහස් කූරක් අදාළ ගබඩා සංකීර්ණය පිහිටි භූමියට පතිත වී ඇති අතර ඒ සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් එම තෙල් ටැංකිය පුපුරා ගොස් ඇති බවයි.