FAST NEWS

24×7 Around the Globe

ජලාශ කිහිපයක වාන් දොරටු කිහිපයක් විවෘත කෙරේ..

දැදුරු ඔය, පොල්ගොල්ල, ලක්ෂපාන සහ රාජාංගණය යන ජලාශ හතරෙහි වාන් දොරටු විවෘත කර ඇති හෙයින් ගංගා දෙපස පහත් බිම්වල සිටින ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
මේ වනවිට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ වල ජල මට්ටම පාලනය කිරීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම පියවර ගැනිම මීට හේතුව වි තිබේ.