FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වෙයි…

මධ්‍යම පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වීමට නියමිත අතර ඒ අනුව එම පළාත් සභාවේ කටයුතු අද (08) සිට ආණ්ඩුකාර පාලනයකට යටත්වනු ඇත.
මේ වනවිට පළාත් සභා 04 ක නිල කාලය අවසන් වී ඇති අතර, පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරුමැද , නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභාවල නිල කාලය අවසන් විය.
මේ අතර අනිද්දායින් වයඹ පළාත් සභාවේ නිල කාලයත්, ලබන 25 වනදා උතුරු පළාත් සභාවේ නිල කාලයත් අවසන්වීමට නියමිතයි.
ලබන වසරේ අප්‍රේල් 10 වනදා දකුණු පළාත් සභාවේ ද , අප්‍රේල් 21 වනදා බස්නාහිර පළාත් සභාවේද, සැප්තැම්බර් 08 වනදා ඌව පළාත් සභාවේද නිල කාලය අවසන් වනු ඇති.
දැනට නිලකාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් රජය මේ වනවිටත් ප්‍රකාශයක් කර නොමැත.