FAST NEWS

24×7 Around the Globe

නඩු පැවරීමේ බලය ලැබෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට..

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනත් කෙටුම්පත මෙමෙ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.
බොහෝ දුරට එය ලබන සිකුරාදා (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත .
එය සම්මත වුවහොත් දැනට ස්ථාපිත ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සිදු කරන විමර්ශනවල ප‍්‍රතිඵල මත නඩු පැවරීමේ බලය අල්ලස් කොමිෂමට හිමිවේ.
අල්ලස් කොමිෂම සිදු කළ විමර්ශනවලට අදාළව චෝදනා ගොනු කළ විත්තිකරුවන් 55 දෙනෙකු ඉකුත් වසරේදී වරදකරුවන් බවට පත්ව තිබේ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ විත්තිකරුවන් 59 දෙනෙකුට එරෙහි චෝදනා ඔප්පු වී ඇති බව වාර්තාවේ.