ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි…

ජනාධිපති නීතිඥ ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වෙයි…

කලක් රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද(08) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.
ශිබ්ලි අසීස් මහතා අභාවප්‍රාප්ත වන විට 75 වන වියේ පසුවිය.
ඒ මහතාගේ දේහය මේ වනවිට රාජගිරියේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ජාවත්තේදී සිදු කිරීමට නියමිතය.