FAST NEWS

24×7 Around the Globe

ජනපති සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව යයි…

රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සීසෙල්ස් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබේ.
සීසෙල්ස් රාජ්‍යයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර ජනාධිපතිවරයා සීසෙල්ස් රාජ්‍යයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.
අද(08) අළුයම 02.10ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 707 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිටත්ව ගිය බව ගුවන්තොටුපල වාර්තාකරු පැවසීය.
මෙම සංචාරය තුළදී ජනාධිපතිවරයා එරට ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්විමට නියමිතය.