FAST NEWS

24×7 Around the Globe

නාමල්ගේ සහ නාලකගේ හඬපට අද (08) අධිකරණයට…

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධි බලකාවේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතාගේ හඬ පට අද(08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රජයේ රස පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ හඩපට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැලැස්මක් පිළිබඳව නාමල් කුමාර විසින් පසුගියදා තොරතුරු අනාවරණය කළේය.
එහිදී මොහු විසින් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදු කරන ලද ප්‍රකාශයක් මාධ්‍යවෙත ඉදිරිපත් කරමින් අදාළ තොරතුරු අනාවරණය කළ අතර ඉන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කෙරුණ.
අධිකරණ නියෝග අනුව නාමල් කුමගේ සහ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාගේ කටහඩ පාම්පල පසුගියදා රජයේ රස පරික්ෂකයා විසින් ලබා ගත්තේය.
ඒ අනුව අද දිනයේදී දුෂණ විරෝධි බලකායේමෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නියෝග කර තිබේ.