FAST NEWS

24×7 Around the Globe

වසා දැමූ රජරට විශ්වවිද්‍යාලයේ සියලු පීඨ අද (08) විවෘත කෙරෙයි…

වසා දමා තිබූ රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍රයේ සියලු පීඨ අද (08) විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය ප්‍රකාශ කරයි.
පැවති නියගය හේතුවෙන් ඇතිවූ තිබූ ජල හිඟය නිසා පීඨ කීපයත් වසා දැමීමට පියවර ගැණුනි.
ඒ අනුව කළමනාකරණ පීඨය, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨය, තාක්ෂණ පීඨය සහ ව්‍යවහරික විද්‍යා පීඨය මෙසේ යළි විවෘත කෙරෙනු ඇති.
අදාළ පීඨ පසුගිය මාසයේ තුන්වනදා සිට සිසුන් හට නිවාඩු ලබාදී තිබුණි.