අයහපත් කාළගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 07 දක්වා ඉහළට…

අයහපත් කාළගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 07 දක්වා ඉහළට…

අධික වැසි සහිත කාළගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (08) දිනයේත් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අයහපත් කාලගුණයෙන් මියගිය ගණන මේ වන විට 07 දක්වා ඉහළ ගොස් ඇත.
මීට අමතරව දස දහසකට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
උතුර , බස්නාහිර සහ නැගෙනහිර පළාත්වලටත් , ගාල්ල , මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලටත් පෙරවරු කාලයේ තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැක.
එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ නිල්වලා, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් මේ වනවිට පහත බසිමින් පවතින බවයි.
අධික වර්ෂාවත් සමඟ දියවන්නා ඔය පිටාර මට්ටමක පැවතීම හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ සහන සේවා කටයුතු සඳහා යුද හමුදාවේ භටයින් ද යෙදවීමට කටයුතු කර තිබේ.
වැසි තත්ත්වය හෙට (10) දිනයේදී තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර ප්‍රකාශ කර සිටියි.