FAST NEWS

24×7 Around the Globe

මඩකලපු දුම්රිය මාර්ගයේදි අලි තිදෙනෙක් ගැටි ධාවනයට බාධා..

වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ (06) රාත්‍රී  9.50ට පමණ වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
මේ හේතුවෙන් වන අලින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර දුම්රිය පිලීපැනීමටද ලක්ව ඇත.
මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය එම අනතුරට මුහුණ දී ඇති අතර දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සදහා විශේෂ කණ්ඩායමක් පිටත් කර යවා තිබෙන බව දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් කියයි.