FAST NEWS

24×7 Around the Globe

අටවැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිය සැප් 01 දා.

අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු රැස්වීම සැප්තැම්බර් මස 01 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් ඩබ්.බී.ඩී.දසනායක මහතා පැවසීය.

එසේම පාර්ලිමේන්තුව සඳහා තේරීපත්වූ සියලු මන්ත්‍රීවරුන් වෙත ප්‍රථම වතාවට විද්‍යුත් ලිපිනයක් පාර්ලිමේන්තුවෙන් ලබාදීමට තීරණයකර ඇතැයිද පාර්ලිමේන්තු ඔහු පැවසීය.

පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ හා තොරතුරු ඉක්මනින් දැනුම්දීම සඳහා මෙන්ම කඩදාසි භාවිතය අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රීවරුන් වෙනුවෙන් එළඹෙන 23,24 සහ 25 තෙදින තුළ පාර්ලිමේන්තුවේ පැවැත්වෙන තොරතුරු සමුළුවේදී මෙම ඊමේල් ලිපිනයන් ලබාදීමට නියමිතය.

මීට අමතරව පාර්ලිමේන්තු කටයුතු සඳහා අදාළ වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ස්ථාවර නියෝග, වරප්‍රසාද පිළිබඳ පනත ආදී ලිපිලේඛනද පාර්මේන්තු මත්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට අදාළ ලිපිලේඛනද මෙහිදී ලබාදීමට තීරණය කර තිබේ.