FAST NEWS

24×7 Around the Globe

ඉන්ටපෝල් ප්‍රධානියා අතුරුදන්..

චීනයේ සංචාරයකට ගිය ජාත්‍යන්තර පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් ‘ඉන්ටර්පෝල්’ ආයතනයේ ප්‍රධානී මෙංග් හොංග්වේ අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
මෙංග් හොංග්වේ චීන සම්වභයක් ඇත්තෙක් වන අතර ඔහු ප්‍රංශයේ ලියොන් නුවර ජීවත් වන බව පැවසේ.
මෙංග් හොංග්වේ සොයා කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළේ යැයි ප්‍රංශ ආරක්ෂක අංශ පවසා ඇත.
මෙංග් හොංග්වේගෙන් ආරංචියක් නැති බව ඔහුගේ බිරිඳ ලියොන් පොලිසියට කළ පැමිණිල්ලකින් පසුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ.