FAST NEWS

24×7 Around the Globe

අධිවේගයේ වේගය සීමා කරන්න..

අධිවේගී මාර්ග ආශ්‍රිතව පවතින අධික වර්ෂාපතනය හේතුවේ වාහන ගමනා ගමනයේදී වේගය සීමා කරන ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා රථවාහන රියැදුරන්ට දැනුම් දි සිටියි.
ඒ අනුව එම මාර්ගයන්හි පැයට කිලෝමීටර් 60ක පමණ වේගයකින් ධාවනය කිරිම වඩාත් සුදුසු වන බව හෙතෙම පැවසීය.
එමෙන්ම වර්ෂාවත් සමඟ පවතින අඳුරු කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනයේදී ඉදිරි ලාම්පු දල්වා ගමන් කරන ලෙසද ඉල්ලා සිටියි.