FAST NEWS

24×7 Around the Globe

ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදන වැඩ සටහන් සමුළුව ත්‍රිකුණාමලයේදී

ජාතික ව්‍යවසායික සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් UNESCO සහයෝගයෙන් දකුණු ආසියාවේ පළමුවරට පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපය ප්‍රධානතම ව්‍යවසායකත්ව අධ්‍යාපනික නවෝත්පාදන වැඩ සටහන් සමුළුව ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එකී වැඩසටහන අපේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ඉතා වැදගත් අවස්ථාවක් වන බවද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේදි පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
යුනෙස්කෝ ආයතනයේ ආසියා ශාන්තිකර කලාපයේ අධ්‍යාපනික නවෝත්පාදක වැඩ සටහන යටතේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට නවෝත්පාදන අධ්‍යාපනික දැනුම ලබා දෙන මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ 07 වැනි වරට බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම සමුළුව ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සංවිධානත්වයෙන් 2018 ඔක්තෝබර් 9 – 10 දිනවල ත්‍රිකුණාමලේ පැවැත්වෙන අතර ඔක්තෝබර් 11 දා කොළඹදී සමාප්ත උළෙල පැවැත්වේ.