මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ සංධානය ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සුබ පතන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.
මහ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ලබාගත් ජයග්‍රහණය පිළිබඳවසුබ පැතුම් පණිවුඩයක් ට්විටර් ගිණුම හරහා එක්කරමින් මෝදි ඉහත අදහස් දක්වා තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් කතා කළ බවත්, රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගත හැකිවෙතැයි විශ්වාස කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.







