FAST NEWS

24×7 Around the Globe

කටුනායකට පැමිණි චීන ගුවන් යානය මත්තලට හරවා යවයි…

කටුනායක ගුවන් තොටුපොළට ඊයේ (04) ගොඩ බැස්සවීමට පැමිණි චීන ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළවෙත හරවා යැවීමට ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි.
ඒ කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට ඊයේ (04) රාත්‍රී ඇති වී තිබූ අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන්ය.
මෙම ගුවන් යානය චීනයේ ෂැං ඩු සිට පැමිණි එයා චයිනා ගුවන් සේවයට අයත් එකක් වන අතර, යානය තුළ මගීන් 166 ක් සහ කාර්යය මණ්ඩලය 13 ක් සිට ඇත.
මත්තල වෙත යොමු කළ ගුවන් යානය තුළ සිටි මගීන් යානයෙන් පිටතට නොබැස සිටි අතර, යානයට අවශ්‍ය ඉන්ධන ලබා දී , යළිත් එම ගුවන් යානය අද අලුයම 12.30 ට කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත්විය.