FAST NEWS

24×7 Around the Globe

සිංහරාජයට යාබද වනයක විෂ යොදාගෙන ගස් විනාශ කිරීමේ ජාවාරමක්..

ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයට යාබද කලවාන – කුඩුමීරිය යෝජිත රක්ෂිතය ආසන්නයේ ඉඩමක පිහිටි ශාක රසායනික ද්‍රව්‍ය යොදා මරාදමා ඇති බවට තොරතුරු වර්තා වී ඇත.
වනාන්තර සුරකින්නෝ සංවිධානය සදහන්කර සිටින්නේ පෞද්ගලික සමාගමක් විසින් ආනයනික වල්ලාපට්ටා වගා කිරීම සදහා මෙලෙස ශාක වලට හානිකර ඇති බවයි.
විෂ රසායනිකය ඇතුල් කර ඇත්තේ එම ශාකයන් සිදුරු කර එම සිදුරු තුළට අදාළ විෂ ද්‍රව්‍යන් ඇතුළත් කිරීමෙන්ය.
මෙම ගස් මරා දැමීමට යොදා ගත් රසායනික ද්‍රව්‍ය ජලයට එකතු වුවහොත් එම ගම්මාන වල ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යට තර්ජනයක් එල්ල විය හැකි බව වැසි වනාන්තර සුරකින්නෝ සංවිධානයේ කැදවුම්කරු ජයන්ත විජේසිංහ මහතා අනතුරු අගවයි.