FAST NEWS

24×7 Around the Globe

හෙට (06) සිට වැසි තත්වයේ වර්ධනයක්..

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (06) දිනයේදී තවදුරටත් වර්ධනය වේයැයි බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (05) නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
දිවයිනනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද සඳහන්.
එසේම වයඹ, මධ්‍යම,උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැකි බව එම නිවේදනයෙහි සඳහන් වෙයි.
ෙබස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලසහ සබරගමුව සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් කර තිබේ.