FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩුවෙන් ඉවත්විමට සන්ධානය කමිටුවක් පත් කර ගනියි..

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමේ තීන්දුව ගැනීම සඳහා අවශ්‍ය වාර්තාව දින 14 ක් ඇතුළත සැකසීමට ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජනිස විධායක සභාව විසින් ඊයේ (4) කමිටුවක් පත්කර ඇත.
ඒ අනුව එස්. බි. දිසානායක, දිනේෂ් ගුණවර්ධන, එජනිස මහ ‍ලේකම් මහින්ද අමරවීර, ශ්‍රීලනිප ‍ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත යන මහත්වරුන් මෙම කමීටුවට පත් කර තිබේ.
රටේ ආර්ථිකය කඩා වට්ටමින් වත්මන් ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී ක්‍රියා පිළිවෙත අනුමත කරමින් ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටිය නොහැකි බව විධායක සභිකයන් මෙහිදී පෙන්වා දී ඇත.