FAST NEWS

24×7 Around the Globe

නව බෞද්ධ කටයුතු කොමසාරිස් ලෙස සුනන්ද කාරියප්පෙරුම පත්කරයි..

නව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ සුනන්ද කාරියප්පෙරුම මහතා පත්කර ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (4) මෙම පත්වීම ලබාදී ඇත.
මාස දෙකකට අධික කාලයක් පුරප්පාඩුව පැවැති බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බලනු ලැබුවේ දහම් පාසල් කොමසාරිස් එච්.එච්.කුමාරි මහත්මිය විසිනි.