FAST NEWS

24×7 Around the Globe

ඇමති නලීන් රැවටු පුද්ගලයින් දෙදෙනෙකුට මහාධිකරණයෙන් සිතාසි..

මීරීගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නීතීය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21 ක මුදලක් වංචා කරන ලදැයි චෝදනා ලැබ සිටින විත්තිකරුවන්ට ලබන වසරේ ජනවාරී මස 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ අද (04) සිතාසි නිකුත් කළේය.
සමාගමක අලෙවි නියෝජිතයින් ලෙස කටයුතු කළ බව කියන චන්න ලක්‍ෂ්මන් බණ්ඩාර එස්. ජයකුමාර් සහ චමිල උපෙන්ද්‍ර නමැත්තන්ට මෙසේ සිතාසි නිකුත් කර තිබේ.
2001 පෙබරවාරී මස 03 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මීරීගම ආයෝජන ප‍්‍රවර්ධන කලාපයේ කර්මාන්ත ශාලාවක ඇති පරණ යකඩ තොගයක් ලබාදෙන බව පවසා නලීන් බණ්ඩාර මහතා රවටා රුපියල් මිලියන 21ක මුදලක් වංචා කිරීම ඇතුළු චෝදනා හතරක් යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.