FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් නව අගමැති ලෙස දිව්රුම් දිමට නියමීතයි.

වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව අගමැති වශයෙන් අද පස්වරුවේදි දිවුරුම් දීමට නියමිත බව වාර්තාවෙයි.

ව්‍යවස්ථාව අනුව මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීවරු පිරිසකගේ විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයාට අගමැති තනතුර භාර ගන්නා ලෙස ජනපතිවරයාට ආරාධනාවක් කළ හැකිය.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේදී මෙම ආරාධනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කිරීමට නියමිත බවත්, ඉන් අනතුරුව අගමැතිවරයා දිවුරුම් දීමට සූදානම් බවත් වාර්තා වෙයි.