FAST NEWS

24×7 Around the Globe

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්…

උතුරු සහ නැගෙනහිර ජීවත්වන ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇත.
ජනපතිවරයා මේ බව සදහන්කර ඇත්තේ උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.
විධිමත් කාලරාමුවක් සකසා අදාළ වැඩපිළිවෙල දියත් කළ යුතු බව එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇත.