සිංගප්පූරුව සහ ශ්‍රී ලංකා රජයන් අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළඳ ගිවිසුමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 09 වැනිදා දක්වා කල් තැබීමට, සිසිර ද ආබෲ, නලින් පෙරේරා සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (04) නියම කළහ.
වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිසිටර් ජෙනරාල් සංජය රාජරත්නම් මහතා විදේශගතව සිටින බැවින් සලකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන්නැයි ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයා කළ ඉල්ලිම අනුව පෙත්සම් සලකා බැලීම ජනවාරි මස 09 වනදා සිදු කිරීමට මෙසේ නියම විය.
ශ්‍රී ලංකා රජය හා සිංගප්පූරු රජය විසින් අත්සන් කර තින නිදහස් වෙළඳ ගිවිසුම මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බව අදාළ පෙත්සම් මගින් අවධාරණය කර තිබේ.
මෙම ගිවිසුම අත්සන් කිරීමට පෙර රජය ඒ සඳහා පාර්ලිමේන්තුවෙන් නිසි අනුමැතියක් ලබාගෙන නොමැති බවත් එම ගිවිසුමේ අඩංගු ප්‍රතිපාදන මෙරට ස්වෛරීභාවයට මෙන්ම ආර්ථිකයට හා වෘත්තීය කටයුතුවලට දැඩි හානියක් එල්ල කරන බව එමගින් පෙන්වා දී තිබේ.
මේ හේතුවෙන් අදාළ ගිවිසුමේ අන්තර්ගත ප්‍රතිපාදන මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එම ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා ඇත.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.