FAST NEWS

24×7 Around the Globe

පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර මුදල 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට්‌ අනුමැතිය..

05 ශ්‍රේණියේ ශිෂ්‍යත්වයෙන් සුදුසුකම් ලබන අඩු ආදායම්ලාභී සිසුන්ට ලබාදෙන ශිෂ්‍යාධාරය රුපියල් 500 සිට 750 දක්‌වා වැඩිකිරීමට කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත.
මේ අනුව අඩු ආදායම්ලාභී දරුවන් 15000 කට මාසිකව රුපියල් 750 බැගින් උසස්‌ පෙළ දක්‌වා ශිෂ්‍යාධාරය හිමිවෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පැවසීය.
මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා ලබාදෙන ශිෂ්‍යාධාරය මෙන්ම ශිෂ්‍යාධාර සංඛ්‍යාවද වැඩි කිරීමට අනුමැතිය ලැබුණු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.