FAST NEWS

24×7 Around the Globe

පූනෑව නාවික හමුදා කඳවුරට මීටර් 300 ක් දුරින් අත්බෝම්බ 02 ක් සොයාගනී..

මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ පිහිටි බෝක්කුවක් තුළ තිබියදී අත්බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්ව ඇත.
පූනෑව ප්‍රදේශයේ ජල නල පද්ධතියක් එලීමේ කටයුතු සිදු කරන සේවකයින් පිරිසක් හට මෙම අත්බෝම්බ හමුවී ඇත.
නාවික හමුදා කඳවුරට මීටර් 300 ක් පමණ ආසන්නයෙන් පිහිටි බෝක්කුවක් තුළ තිබී මෙම බෝම්බ හමුවී ඇති අතර පසුව එම සේවකයින් පිරිස විසින් ඒ බව මැදවච්චිය පොලීසියට දැනුම් දී තිබේ.
පසුව මැදවච්චිය පොලීසියෙන් අදාළ ස්ථානයට පැමිණ අත්බෝම්බ දෙක රැගෙන ගොස් අධිකරණ නියෝගයකට අනුව නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට ලබා දීමට පියවර ගෙන තිබේ.