FAST NEWS

24×7 Around the Globe

ජොන්ස්ටන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යයි..

සතොස ආයතනයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අදාළ නඩුව අවසන් වනතුරු ,කුරුණෑගල මහාධිකරණය මඟින් තමන්ව රක්ෂිත බන්ධනාගාර කර තැබිමට ලබාදුන් නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
එම නඩුව සම්බන්ධයෙන් ඇප ලබාදී තිබියදීත් කුරුණෑගල මහාධිකරණය විසින් එම නඩු විභාගය ආරම්භ කිරීමෙන් පසුව තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කළ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිය පෙත්සම මගින් අවධාරණය කර තිබේ
ඒ අනුව තමන්ව නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරමින් කුරුණෑගල මහාධිකරණය විසින් දුන් නියෝගය අහෝසි කරන මෙන් ඉල්ලා තමන් අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළද අභියාචනාධිකරණය විසින් එය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළ බවද එම පෙත්සම මගින් වැඩි දුරටත් කියයි.
මේ හේතුවෙන් අභියාචනාධිකරණයේ නියෝගය නීති විරෝධී යැයි තීන්දුවක් ලබාදෙන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අභියාචනා පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් තමන්ව ඇපමත මුදා හරින මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.