FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රී සීශේල්ස් සංචාරයකට සැරසෙයි..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 08 වනදා සීශෙල්ස් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක ආරම්භ කිරිමට නියමීත බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
දෙරට අතර සෞඛ්‍ය , අධ්‍යාපන ,සංචාරක , ධීවර සහ සාගර ආරක්ෂාව සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකිරීමට නියමිත බව පැවසේ.
සීශෙල්ස් ජනාධිපතිවරයා විසින් පසුගිය මාර්තු මාසයේදී කල ආරාධනයකට අනුවයි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම රාජ්‍ය සංචාරයේ නිරත වන බවත් සඳහන්.