FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ නායකත්වය භාර ගන්නා බව හිටපු ජනපති කියයි..

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය භාරගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (02) රාත්‍රියේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කල විමසීමකදී පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එළඹෙන පක්ෂ සම්මේලනයේදී ආරාධනා කරන බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.