FAST NEWS

24×7 Around the Globe

ඔක්තොම්බර් මාසය පුරා වැසි..

අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ සක්‍රීය වී තිබෙන නිසා ලංකාවේ බොහෝ ප්‍රදේශවලට ඔක්තෝබර් මාසය පුරා සවස් කාලයේදී වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
එසේම අද (03) දිනයේදි උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ක් වූ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයෙහි සඳහන් වෙයි.
මීට අමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවලට මිලිමීටර් 100ක වූ තද වැසි ඇති විය හැකි බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් පැවසේ.
මීට අමතරව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත්, පුත්තලම සිට මීගමුව දක්වාත් වූ මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.