FAST NEWS

24×7 Around the Globe

විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල නම් කෙරේ..

මහපරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කිරීම සඳහා වන විශේෂ ත්‍රිපුද්ගල දෙවන මහාධිකරණයේ විනිසුරු මඩුල්ල ලබන 15 වනදා සිට බලාත්මක වන පරිදි අගවිනිසුරුවරයා විසින් නම් කර තිඛෙනවා.
එහි සභාපති විනිසුරු ලෙස කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු ආර් ගුරුසිංහ මහතා නම් කර ඇති අතර එහි සෙසු සාමාජිකයන් ලෙස නම් කර ඇත්තේ මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජා සහ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහත්වරුන්ය.
විශේෂ මහාධිකරණ 03 ක් ස්ථාපිත කිරිමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමීවු අතර, ඒ යටතේ එහි පළමු අධිකරණයේ නඩු කටයුතු විභාග කිරීම ආරම්භ කර තිබේ.